මඩකලපුවේ හදිසි ගින්නක්

Share

මඩකලපුව – තිරායිමඩු, සව් කඩේ කැලෑ ප්‍රදේශයක ඊයේ(23) සවස හදිසි ගින්නක් හට ගෙන ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය, ප්‍රදේශවාසීන්, මඩකලපුව නගර සභාවේ නිලධාරීන්, ආපදා කළමණාකරණ ඒකකය සහ ත්‍රිවිධ හමුදාව එක්ව දැඩි පරිශ්‍රමයක් දරා මෙම ගින්න මැඩ පවත්වා තිබේ.

අදාළ ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර, එම ප්‍රදේශයේ අක්කර 03ක පමණ භූමි කොටසක් විනාශයට පත්ව ඇති බව වර්තා වෙයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මඩකලපුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි

Read more

Local News