අනුරාධපුර නගරාධිපති ඇතුළු අට දෙනා යළි රිමාන්ඩ්

Share

අනුරාධපුර නගරාධිපති, තලාව ප්‍රාදේශීය සභාවේ සභාපති, රාජාංගනය ප්‍රාදේශීය සභාවේ උප සභාපති, උතුරු මැද පළාත් සභාවේ හිටපු සභාපති, රාජාංගනය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයෙක් ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු ඇප මත මුදා හරින්නැයි නීතිඥවරුන් විසින් කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

අදාළ පුද්ගලයින් 06දෙනා අද(24) තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර ඇති අතර ඔවුන් සියලු දෙනා ජූලි 8 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇති බව වාර්තා වෙයි.

තඹුත්තේගම මහේස්ත‍්‍රාත් කේ.ඒ. රමිලා නදීෂානි මහත්මිය මෙම නියෝගය දි තිබේ.

සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර නගරාධිපති තලාව ප්‍රාදේශීය සභාවේ සභාපති, රාජාංගනය ප්‍රාදේශීය සභාවේ උප සභාපති, උතුරු මැද පළාත් සභාවේ හිටපු සභාපති, රාජාංගනය ප්‍රෙද්ශයේ ග්‍රාමනිලධාරීවරයෙක් ඇතුළු 06දෙනෙක් පසුගිය 17 දා තඹුත්තේගම පොලීසියට පැමිණ භාර වී තිබුණි.

ඒ මෙම සැකකරුවන් නීතිඥයින් මාර්ගයෙන් පොලිසියට බාර වූ අවස්ථාවේ මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

මෙසේ බන්ධනාගාර ගත කළේ අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති එච්.පී සෝමදාස උතුරු මැද පළාත් සභාවේවි හිටපු සභාපති ටී. එමි. ආර්. සිරිපාල, තලාව ප්‍රාදේශීය සභාවේ සභාපති ඉන්දුක නුවන් තෙන්නකෝන් රාජාංගනය ප්‍රාදේශීය සභාවේවි උප සභාපති සමන් නිල්මිණි සහ ග්‍රාම නිලධාරී  සහ ජගත් චන්ද්‍රසිරි යන සැකකරුවන්ය.

1999 වසරේ දෙසැමිබර් මස 19  අනුරාධපුර දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරික්ෂක ආනන්ද වේරගොඩ මහතාගේ නිවසට බෝමිබ ගසා රුපියල් ලක්ෂ 30ක් පමණ දේපල හානියක් සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ සියලූ සැකකරුවන් වාහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි තඹුත්තේගම හිටපු මහේස්ත්‍රත් බංඩාර ඉලංගසිංහ මහතා තඹුත්තේගම පොලිසියට අවස්ථා දෙකකදී මීට පෙර නියෝග ලබාදී තිබුණද පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම දිගින් දිගටම පැහැර හැර තිබු බවටයි වාර්තා වන්නේ.

Read more

Local News