විදෙස් දුම්වැටි තොගයක් සමඟ 4ක් අත්අඩංගුවට

Share

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි සිට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු අද(24) උදෑසන කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් හලාවත සහ වෙන්නප්පුව ප්‍රදේශවල පදිංචි විවාහක යුවළ දෙකක් වන අතර, මොවුන් සමඟ වයස අවුරුදු දෙකක පමණ වන දියණියකද සිටි බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා සඳහන් කළේය.

මෙම පිරිස නිතර නිතර ගුවන් ගමන්වල යෙදෙමින් ශ්‍රී ලංකාවට විදේශ රටවලින් භාණ්ඩ රැගෙන එන්නන් බව රේගු නිලධාරීන් අනාවරණය කර ගෙන තිබේ.

මෙම පිරිස අද උදෑසන 8.40 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලුවල ඩුබායි හි නිෂ්පාදිත ගෝල්ඩ් ලීෆ් වර්ගයේ දුම්වැටි සහ ස්විට්සර්ලන්තයේ නිෂ්පාදිත ප්ලැටිනම් වර්ගයේ දුම්වැටි ද තිබූ අතර, එහි රුපියල් පනස් තුන් ලක්ෂ දහතුන් දහසක් (53,13,000) ක් වටිනා දුම්වැටි 96,600 ක් අඩංගු දුම්වැටි කාටූන් 483 ක් සගවා ගෙන තිබියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි.

Read more

Local News