කබිර් යලි අමාත්‍ය ධුරය ලබාගත් හේතුව මෙන්න

Share

කබිර් හෂිම් මහතා යලිත් එම අමාත්‍ය ධුරය ලබා ගත්තේ පලාත් කිහිපයකට සිදු කළ යුතු සංවර්ධන කටයුතු නිසා බව හිටපු අමාත්‍ය සහ මහනුවර දිස්ත්‍රික් රවුෆි හකිම් මහතා පවසයි.

ප්‍රජා ජල අභිමානි ගම් දහසකට පිරිසිදු නල ජලය ලබා දිමේ ව්‍යපෘතියට සමගාමිව නාවලපිටිය පස්බාගේ කොරලේ සමනලගම ප්‍රදේශයේ පානිය ජලය ලබා ගැනිම සදහා ග්‍රාම සංවර්ධන මණ්ඩලයට රු එක්කොටි පනස් ලක්ෂයක චෙක් පත ඊයේ (24) ලබා දිමෙන් අනතුරුව පැවති ජන හමුවේදි රවුෆි හකිම් මන්ත්‍රිවරයා එ බව පැවසිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු රවුෆ් හකිම් මන්ත්‍රිවරයා කියා සිටියේ ඉදිරි මාස 6 තුල සංවර්ධන කටයුතු රාශ්‍රියක් සිදු කිරිමට නියමිත නිසා කබිර් හෂිම් මහතා යලිත් එම අමාත්‍යය ධුරය ලබාගත් බවයි.

නාවලපිටිය ප්‍රදේශයේ මාර්ග කිහිපයක් ප්‍රතිසංස්කරණය කිරිමට කබිර් හෂිම් අමාත්‍යයවරයා සමග සාකච්ඡා කරන බව රවුෆ් හකිම් මන්ත්‍රිවරයා පැවසිය.

Read more

Local News