බැනුම් දරාගත නොහැකිව වෛද්‍යවරියක් කර ගත්ත දේ

Share

ප්‍රතිජීවක ඖෂධ පෙති 35 ක් පානය කර ඇති වෛද්‍යවරියක් ප්‍රතිකාර සඳහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව මාරවිල පොලීසිය පවසයි.

මෙසේ රෝහල් ගත කර ඇත්තේ 34 හැවිරිදි විවාහක වෛද්‍යවරියක් වන අතර ඇය මාරවිල මූලික රෝහලේ සේවය කරමින් සිටියි.

එම රෝහලේ සේවය කරන විශේෂඥ වෛද්‍යවරයෙකු තමන්ට නිතර බැන වදින බැවින් එහි පීඩාව දරා ගැනීමට නොහැකි නිසා තමන් ප්‍රතිජීවක පෙති පානය කළ බව වෛද්‍යවරිය පවසා තිබේ.

Read more

Local News