පුත්තලම මහවැවේ ගිලී යුද හමුදා පුහුණු පාසලේ සිසුවෙක් මරුට

Share

ඊයේ(24) උදෑසන 10.15 ට පමණ පුත්තලම පොලිස් වසමේ පුත්තලම මහවැවේ දියේ ගිලී පුද්ගලයෙකුගේ මළ සිරුරක් පාවෙමින් ඇති බවට පොලීසියට ලද ‍තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 19 ක් වු පුත්තලම යුද හමුදා පුහුණු පාසලේ පුහුණුව හදාරන ආධුනික සෙබල උරේෂ් කවිෂාන් ජයසිංහ නැමැති අය බවට හඳුනාගෙන තිබේ.

මෙම මරණකරුගේ මෘත ශරීරය මුලික මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා පුත්තලම රෝහලේ තැම්පත් කර තිබේ.

පුත්තලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News