වන අලි පහරින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට

Share

අද(25) අළුයම වවුනියාව, නන්දිමිත්‍රගම ප්‍රදේ‍ශයේදී වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු ජිවිත්ෂයට පත්ව ඇති බව වවුනියාව බෝගස්වැව පොලීසිය පවසයි.

බෝගස්වැව 02 කොටස පදිංචි ‍දොන් ලයනල් ආරියවංශ නමැති  පුද්ගලයෙකු මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය පැවසූවේ.

මෙම පුද්ගලයා අද අළුයම 3.30 ට පමණ බෝගස්වැව සිට වවුනියාව දක්වා පැමිණීමට යතුරුපැදියෙන් පැමිණ ඇති අතර, එහිදි වවුනියාව මහච්චකොඩිය ඒරූපතාන වැව ආසන්නයේදී වන අලියා අදාළ පුද්ගලයාට පහරදී ඇත.

අනතුරුව වවුනියාව වෙළඳ‍පොළට එළවළු රැගෙන පැමිණි පිරිසක් අදාළ පුද්ගලයා දැක වවුනියාව මාමඩුව රෝහලට ඇතුළත් කොට තිබිණ.

තුවාලකරු අනතුරුව වවුනියාව මහරෝහලට ඇතුළත් කොට ඇති අතර එහිදි පුද්ගලයා මියගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

Read more

Local News