ඉතිහාසය පුරාම දේශපාලන නායකයෝ මොනවද කළේ

Share

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලකයන් විශ්‍රාම ගත යුතු බවත් ඒ වෙනුවට අලුත් පිරිසක් පාර්ලිමේන්තුවට යා යුතු බවත් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.

ඉතාලියේ මිලානෝ නුවර පැවැති දේව මෙහෙයකදී අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

“දෙවියන් වහන්සේ වෙනුවෙන් ආගම වෙනුවෙන් කොහොමද මිනිස්සුන්ව ඝාතනය කරන්නේ. එහෙම දෙවියන්වහන්සේ කෙනෙක් කොහෙද ඉන්නේ. කොහොමද මේ මිනිස්සුන්ගේ ජීවිත නැති කළේ ඇයි.

මේ මිනිස්සුන්ගේ ජිවිත නැති කරලා මොකක්ද ඔය හදන්න යන සුගතිපුරය. මිනී මරලා ස්වර්ග රාජ්‍යයට යන්න බෑ.නරකාදියෙත් ඉඩ නෑ ඒ වගේ අයට. ඔය වගේ ආගම් අදහලා වැඩක් තියෙනවද?

ළඟදී ඇමති කෙනෙක් කියලා තිබෙනවා නයිට් ක්ලබ්ස් දාන්න ඕන කියලා. කැසිනෝ දාන්න ඕන. සූදුව වැඩි කරන්න ඕන කියලා. මේ මොන ආගම් අදහන ඇමතිවරුද ඒවා කරන්නේ.

මට ලැජ්ජයි ඒ මනුස්සයා ගැන එයා අපේ ආගමේ කෙනෙක්. ඉතිහාසය පුරාම දේශපාලන නායකයෝ මොනවද කළේ. තණ්හාව බලලෝභය කුළල් කා ගැනීම අනිත් අයට වරද පැටවීම.

මම නෙමෙයි එයයි ඕක කළේ. එහෙම නැත්නම් අර අහක ඉන්න නිලධාරීන්ව අල්ලගෙන ඒ මිනිස්සුන්ව තලන්න යන එක. මේක දේශපාලකයන්ගේ ගති පැවතුමක් විය යුතු නෑ.

ඒ මොලේ තියෙන මිනිස්සු නෙමෙයි. ඡන්දයක් එනවලු ඒක නිසා දැන් ඔක්කොමල්ලා මේක පාවිච්චි කරන්න හදනවා.

දැන් අවුරුදු 71ක්ලු නිදහස ලබාගෙන මම නම් දකින විදිහට අපි එන්න එන්නම වහල්ලු බවට පත්වේගෙන යනවා.

විදේශීය රටවල්වලට ණය වෙලා තිබෙනවා ඇති වෙනකම්. මෙන්ම අපේ ශ්‍රී ලංකාවේ ශ්‍රී විභූතිය. ඔය ඉන්න හැම එක්කෙනෙක්ම කරුණාකරලා ගෙදර යන්න. අලුත් අයට මේක භාර දෙන්න.

ඔයගොල්ලෝ ඔප්පු කරලා තිබෙනවා නොහැකියාව. මේ බෝම්බ පිපිරීමේ සිද්ධියේ සත්‍යතාව තාම අපි දන්නේ නැ. කවුද මේකට අනුබල දුන්නේ. මේකේ වෙච්ච දේ එළියට දාන්න නොදී හංගන්න හදන්නේ කවුද?

ඇයි එහෙම කරන්නේ කියලා ජනතාව දන්නවා. ජනතාව තමයි විනිශ්චයකරුවෝ. ඔවුන් විනිශ්චය ආසනයේ වාඩි වෙන වෙලාව ළඟදිම එනවා.

එතකොට ඔවුන් හරියාකාරව විනිශ්චය කරන්න ඕන. මේ නටන නාඩගම ඉවරයක් කරලා දාන්න.”

Read more

Local News