මට තාම කැඳවිමක් ලැබිලා නෑ

Share

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් තමන්ට කැඳවීමක් ලැබුණොත් අනිවාර්යයෙන්ම එයට සහභාගිවන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.

“මට තාම කැඳවිමක් ලැබිලා නෑ. කැඳවීමක් ලැබුණොත් අනිවාර්යයෙන්ම යනවා. ඒක මගේ යුතුකමක් හැටියට කරන්න අවශ්‍යයි. තේරීම් කාරක සභාව ගැන විවිධ අදහස් පළකරලා තිබෙනවා. මූලික අදහස තමයි තේරීම් කාරක සභාව තුළින් ජනතාව දැනුවත් කිරීම.

පාස්කු ඉරිදා වුණ ප්‍රහාරය ගැන ජනතාව දැනුවත් කිරීම තමයි මෙහි අරමුණ. දැනට විපක්ෂය තේරිම් කාරක සභාව ගැන එක එක චෝදනා එල්ල කළත් පක්ෂ නායක රැස්වීමේදි සියලු දෙනා සාකච්ඡා කරලා කියලා තිබුණා මේක හොඳ අදහසක්, සියලු දෙනාම සහාය පළකරලා මේක කරන්න ඕන කියලා.”

Read more

Local News