රට පාවාදෙන අමෙරිකන් ගිවිසුම් ඉරාදමන්න

Share

ශ්‍රී ලංකා ආණ්ඩුව අමෙරිකාව සමඟ අත්සන් කිරීමට යෝජීත නව ආරක්ෂක ගිවිසුම අත්සන් කිරීමට ඉඩ නොතබන්නැයි විපක්ෂය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරයි.

රට පාවාදෙන අමෙරිකන් ගිවිසුම් ඉරාදමන්න මැයෙන් කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතාද මෙම ඉල්ලීම සිදු කළේය.

එහිදී වැඩිදුරටත් අදහස්දක්වමින්  පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි මේ බව පැවසීය.

“ඉන්දියාව සහ අමෙරිකාව එකමුතුයි. ලංකාවේ යුද කඳවුරක් කරන්න. ඉන්දියාව ඉඩ දෙන්නේ නැහැ. අපි චීනයට ගැති වුණොත් ඉන්දියාව තරහ වෙනවා.යූ.එන්.පී එකෙන් එන්නේ කවුද අදාළ නැහැ

පොදුජන පෙරමුණෙන් එන්නේ කවුද අදාළ නැහැ. කරන්නේ මොනවද කියන එකයි වැදගත්. විදෙස් රටක් සමඟගිවිසුමක් අත්සන් කළොත්. ඊළඟ ආණ්ඩුව එය අහෝසී කරන්නේ නැහැ. ජනාධිපතිතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා. මේ කරුමෙන් අපි ගලවලා දෙන්න“

මේ අතර අමෙරිකාව සමග කෙසේ හෝ “සෝෆා” ගිවිසුම අත්සන් කිරීම සදහා අණ්ඩුව කටයුතු කරමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පැවසීය.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ඒ සඳහා අමෙරිකාවට මේ වන විටත් වාචික වශයෙන් ආණ්ඩුව පොරොන්දු ලබා දී ඇති බවයි.

Read more

Local News