ඇන්ඩ්‍රි රසෙල් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වෙයි

Share

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඇන්ඩ්‍රි රසෙල් ආබාධයකට ලක්වීම නිසා ලෝක කුසලාන එක්දින තරගාවලියෙන් ඉවත් වී තිබේ.

ඒ වෙනුවට සුනිල් අමිබ්‍රිස් කැඳවූ බව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ.

බටහිර ඉන්දීය කොදෙව් තුන්ඉරියව් ක්‍රීඩක ඇන්ඩ්‍රි  රසෙල් දණහිසේ ආබාධයකට ලක්වීම හේතුවෙන් ඉදිරි තරග වෙනුවෙන් ක්‍රීඩා නොකරන බව වාර්තා වේ.

ඔහුගේ ආබාධ තත්ත්වය හේතුවෙන් ඉදිරියේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහභාගී වන තරග 3ම ඔහුට අහිමි වන අතර ඒ වෙනුවට සුනිල ඇම්බ්‍රෙස් කැඳවා තිබේ.

31 හැවිරිදි ඇන්ඩ්‍රි රසෙල් ලෝක කුසලානයේ තරග 4කට ක්‍රීඩා කරමින් කඩුළු 5ක් දවා ගැනීමට සමත් වු අතර ඔහුට රැස් කරගත හැකි වුයේ ලකුණු 36ක් පමණයි.

කෙසේවෙතත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මේ වන විට තරග 6කට ක්‍රීඩා කර ඉන් ජයගෙන ඇත්තේ  එක් තරගයක් පමණයි.

Read more

Local News