ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිවේදනයක්

Share

ජාත්‍යන්තර බැඳුම්කර හරහා ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් බිලියන 02 ක ණය ලබාගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මෙම බැඳුම්කර නිකුත් කර තිබේ.

ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් වසර 5කින් කල් පිරෙන ලෙසත් තවත් ඩොලර් බිලියන 1.5 ක් වසර 10කින් කල් පිරෙන ලෙස බැඳුම්කර නිකුත් කර ඇති බව මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

වසර පහකින් කල් පිරේන බැඳුම්කර 6 . 6 %කටත් වසර 10 කින් කල් පිරේන බැදුම්කර 7. 8 %ක ස්ථාවර පොළී අනුපාතයක් යටතේ නිකුත් කර තිබේ.

මෙම බැඳුම්කර නිතුවේදී ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් බිලියන 02 ක බැඳුම්කර ලබාගත්ත ද ඒ සඳහා ඩොලර් බිලියන 6.2 ක ඉල්ලුමක් පැවති බව මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

එහිදි වැඩිම අමෙරිකානු හා යෝරෝපා ආයෝජකයින් වැඩි පිරිසක් මෙම බැඳුම්කර සඳහා ඉල්ලුම් කර තිබීම ද විශේෂත්වයකි.

මෙම බැඳුම්කර නිකුතුව හරහා ජාත්‍යන්තර ආයෝජකයින් ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට යොමු වීම ඔවුන් මෙරට ආර්ථිකයේ මුලධර්ම පිළිබඳව තබා ඇති විශ්වාසය හා දිගුකාලීන වර්ධන අපෙක්ෂාව යළි තහවුරු කිරීමක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

මෙම ගනුදෙනුවේ ඒකාබද්ධ නියමු කළමනාකරුවන් සහ පොත් පවත්වාගන්නන් ලෙස බී ඕ සී ඉන්ටර්නැෂනල සිටිගෲප් ,ඩොයි‍ෂෙ බෑන්ක් , එච් එස් බී සී , ජේ පී මෝර්ගන්, එස් එම් බී සී නිකෝ හා ස්ටෑන්ඩර්ට් චාර්ටඩ් බැංකුව කටයුතු කර තිබිණ.

2007 වසරේ සිට ජාත්‍යන්තර බැඳුම්කර වෙළෙඳපො‍ළෙහි ශ්‍රී ලංකාව සිදු කළ දාහතරවන බැඳුම්කර නිකුතුව මෙයයි.

මේ වසරේ මාර්තු මාසයේදී ද ඇමරිකානු ඩොලර් බිලියන 2.4 ක් ජාත්‍යන්තර බැඳුම්කර හරහා ලබාගැනීමට රජය පියවර ගත්තේය.

Read more

Local News