පාසල් සිසුන්ට ටැබ් දෙන්න කැබිනට් අනුමැතිය

Share

පාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ අධ්‍යාපන අමාත්‍යාංශ වැඩපිළිවෙළට අද (25දා) කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ සියලු ජාතික පාසල්වල උසස් පෙළ හදාරන සිසුන්ටත් උසස් පෙළ ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරුන්ටත් ටැබ් පරිගණක ලක්ෂයක් පමණ ලබාදීමට පියවර ගෙන ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

එසේම ඉතා ඉක්මනින් පාසල් පද්ධතියට  ටැබ් පරිගණක බෙදාහැරීමට සහ ඊට අදාළ පුහුණු කිරීම් ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති වැඩසටහනකදී අද (25දා) ඔහු මේ බව සඳහන් කළේය.

Read more

Local News