ගිනි අවියක් සමඟ අයෙක් මාට්ටු

Share

ඉමදුව, හවුපේ ප්‍රදේශයේදී ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සඳහන් කළේය.

එහිදී සැකකරු සතුව තිබී මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, ගිනි අවි කොටස් කිහිපයක් සහ විවිධ ප්‍රමාණයේ ඇත් දළ 04ක් සොයාගෙන තිබේ.

ඔහු අද(26) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර ඉමදුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News