බදුල්ල – ගල්කන්ද රක්ෂිතයේ ගින්නක්

Share

බදුල්ල වීර්යපුරට ඉහළින් පිහිටි ගල්කන්ද රක්ෂිතයේ ඇතිවූ ගින්නකින් අක්කර සියයක් පමණ වූ ලඳු කැලෑබිම විනාශ වී ඇති බව බදුල්ල දිස්තික් ආපදා කළමණාකරණ සහකාර අධ්‍යක්ෂ  ඊ.එල් .එම් උදයකුමාර මහතා පවසයි.

ඊයේ(25) සවස හටගත් ගින්න රාත්‍රී 11.00 පමණ වනතෙක් පුංචි ශ්‍රී පාදය නමින් හැඳින්වෙන කදුමුදු‍ණ දක්වාම පැතිර ගොස් ඇත.

‍ගින්නට හසුවූ කැලෑබිමේ ඌරන්, වැලිමුවන්, කටුස්සන් බහුල වශයෙන් ජීවත්වන පරිසර පද්ධිතයක් බවත් ජල උපත් රැසක් එහි පවතින බවත් පරිසරවේදීහු පෙන්වා දෙති.

ගින්නෙන් මෙම කන්ද ආශ්‍රිත ප්‍රදේශයට සිදුවූ හානිය පිළිබඳව ගම්වාසීන් දැඩි සේ කම්පාවට පත්ව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

කිසිවෙකු විසින් තැබූ ගින්නක් මෙසේ පැතිර යන්නට ඇතැයි විශ්වාස කරන අතර බදුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News