පත්ව ඇති අවදානම් තත්ත්වයෙන් රට මුදාගමු

Share

පත්ව ඇති අවදානම් තත්ත්වයෙන් රට මුදාගැනීම සඳහා ආරම්භ කරන ජාතික ව්‍යාපාරය වෙනුවෙන් රුපියල් සියය බැඟින් මූල්‍ය පරිත්‍යාග සිදුකරන ලෙස බොදු බල සේනා සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.‍ෙ

ඊයේ (25) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එහි මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි සඳහන් කළේ, මීට සමගාමීව ජූලි 7 වැනිදා සිව්හෙළේ මහා සමුළුව නමින් මහනුවරදී ජාතික සමුළුවක් සංවිධාන කර ඇති බවයි.

එහිදි උන්වහන්සේ කියා සිටියේ මේ වන විට මුළු රටම අවදානම් තත්ත්වයක පවතින බවත් ජුලි 7වනදා තිබෙන සමුළුවේදි වැදගත් කාරණයක් සම්බන්දධයෙන් තොරතුරු හෙළි කරන බවත්ය.

සත්‍ය පැවසීම සඳහා ඒ හා අදාල ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය මාධ්‍ය සහය මෙන්ම අර්ථික ගැටලුද පවතින බවත් ඒ සඳහා සහය වන ලෙසති උනිවහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

“දැයම එක රොදකට” යනුවෙන් අදහස් කරන්නේ එක් පිරිසක් පමනක් නොවන බවත් “දැය” දැය යනුවෙන් අදහස් කරන්නේ අන්තවාදයට විරුද්ධ සෑම කෙනෙකුටම බවත් උන්වහන්සේ පවසයි.

වර්තමානයේ සාකච්ඡා කළ යුත්තේ මැතිවරණ සම්බන්ධයෙන් නොවන බවත් සිදු කළ යුත්තේ ජාතිවාදී සහ ආගම්වාදී පක්ෂ තහනම් කිරිම බවත් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි පැහැදිලි කළේය.

Read more

Local News