ලෝක කුසලාන අවසන් පූර්ව වටයට ඔස්ට්‍රේලියාව සුදුසුකම් ලබයි

Share

‍එංගලනත්ක කණ්ඩායම සමඟ ඊයේ(25) පැවැති තරඟය ලකුණු 64කින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කිරීමත් සමඟ මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනිමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්ව තිබේ.

මේ වන විට මෙවර ලෝක කුසලාන තරඟාවලියේ අවසන් පූර්ව වටයට තේරී පත් වූ පළමු කණ්ඩායම ඔස්ට්‍රේලියානු කණ්ඩායමයි.

ඊයේ පැවැති තරඟයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදිමට ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලබාදුන්නේය.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07 දැවී ලකුණු 285ක් ලබා ගත්තේය.

ලකුණු 286 ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 44යි පන්දු 4කදී සියලු දෙනා දැවී ලබා ගත හැකිවුයේ ලකුණු 221ක් පමණි.

Read more

Local News