නිසැකවම වත්මන් ආණ්ඩු වෙනස්වෙනවා

Share

මෙම වසර අවසානයට පෙර ආණ්ඩු වෙනසක් නිසැකවම සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.

කොළඹදී ඊයේ (25) මාධ්‍යයට අඳහස් දක්වමින් උන්වහන්සේ මේ පිළිබඳව අඳහස් පල කළේය.

වත්මන් ආණ්ඩුවට ඇත්තේ තවත් කෙටි කාලයක් බවත් ඉන් පසුව නව ආණ්ඩුවක් සහ නව ජනාධිපතිවරයෙන් බිහිවන බවත් රතන හිමියන් පවසයි.

ඒ වන තෙක් මාස 4ක් වැනි කෙටි කාලය ගත වන තෙක් රට ආරක්ෂාකර ගත යුතු බවද උන්වහන්සේ ප්‍රකාශ කළේය.

එහිදි මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් රතන හිමියන් පැවසුවේ නිසැකවම වත්මන් ආණ්ඩු වෙනස්වන බවයි.

Read more

Local News