දකුණු අප්‍රිකානු ජනාධිපති දිවයිනට එයි

Share

දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා මහතා කෙටි සංචාරයක් සඳහා අද පෙරවරුවේ දිවයිනට පැමිණ තිබේ.

දකුණු අප්‍රිකානු ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් සිරිල් රමපෝසා මහතා ඇතුළු එරට නියෝජිත පිරිසක් කටුනායක ගුවන්තොටුපලට ළඟා වූ බවටයි වාර්තා වන්නේ.

ජී 20 සමුළුව සඳහා සහභාගී වීමට ජපානයේ ඔසාකා නුවර බලා යමින් සිටින අතරතුර කෙටි සංචාරයක් සඳහා දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා මෙලෙස මෙරටට පැමිණ ඇත.

දකුණු අප්‍රිකානු ජනාධිපති පිළිගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ නියෝජිත පිරිසක් කටුනායක ගුවන්තොටුපලට පැමිණ තිබේ.

Read more

Local News