අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය නවතී

Share

අද(27) මධ්‍යම රාත්‍රියේ සිට සංඛේත වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.

සිය වැටුප් ගැටලුව සඳහා බලධාරීන්ගෙන් නිසි විසදුම් නොලැබීම හේතුවෙන් සෑම සතියකම බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට සංඛේත වැඩ වර්ජනයක නිරත වීමට දුම්රිය වෘත්තීය සමිති පසුගියදා තීරණය කළේය.

කෙසේවෙතත් දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඊට අදාළ ගැසට් නිවේදනයට ජනාධිපතිවරයාගේ අත්සන ලබාගැනීම සඳහා එය මේ වන විට ජනාධිපති කාර්යාලය වෙත යොමුකර තිබේ.

දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමෙන් අනතුරුව වැඩ වර්ජනවල නිරත වන දුම්රිය සේවකයින්ට එරෙහිව හදිසි නීති රෙගුලාසී යටතේ කටයුතු කිරීමට හැකිවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසුවේය.

Read more

Local News