මහින්දානන්ද ඇතුළු දෙදෙනෙකුට අල්ලස් කොමිසමෙන් නඩු

Share

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ සතොස ආයතනයේ හිටපු සභාපති නලින් ප්‍රනාන්දු යන අයට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවේය.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සරත් ජයමාන්න මහතාගේ අත්සනින් යුතුව මෙම අධිචෝදනා පත්‍රය අද(27) කොළඹ විශේෂ මහාධිකරණ අංක 02 හමුවේ ගොනු කරනු ලැබුවේය.

2014 වසරේ සැප්තැම්බර් මස 1 වන දා සහ එම වසරේ දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව තුළ එම වකවානුවේ පැවැති ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ස.තො.ස ආයතනය හරහා ආනයනය කරන ලද රුපියල් මිලියන පනස් තුනක් පමණ වටිනා කැරම්බෝඩ් දහහතර දහසක් සහ දාම් ලෑලි එකොළොස් දහසක් දේශපාලන ක්‍රියාකාරකම් සඳහා බෙදා හැරීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති නලින් ප්‍රනාන්දුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 26 දෙනෙකු නම්කර ඇති අතර නඩු භාණ්ඩ 15ක් ද නම් කර තිබේ.

Read more

Local News