ඉන්දියාවේ හෝමියෝපති වෛද්‍ය උපාධිය සඳහා අයදුම්පත් කැඳවයි

Share

ඉන්දියාවේ කල්කටාවේ පිහිටි හොමියෝපති ජාතික ආයතනය මගින් වාර්ෂිකව පිරිනමන හෝමියෝපති වෛද්‍ය උපාධි ශිෂ්‍යත්ව පාඨමාලාව හැදෑරීම සදහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශය මගින් අයදුම්පත් කැඳවා ඇත.

අයදුම්පත් බාරගන්නා අවසන් දිනය ජුලි මස 03 දායි.

සම්මුඛ පරීක්ෂණ ජුලි මස 05 දින පැවැත්වීමට නියමිතව තිබේ.

සම්මුඛ පරීක්ෂණය මගින් තෝරා ගන්නා අයදුම්කරුවන් වසර පහහමාරක පාඨමාලාවක් සදහා යොමු කිරිමට නියමිතයි.

මෙයට අදාල පුවත්පත් දැන්වීම් ද පළ කර තිබෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය ද්‍යෛ අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

Read more

Local News