ඉන්දියාව සහ කොදෙව්වන් අද තරඟ බිමට

Share

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය අද(27) පැවැත්වෙයි.

මැන්චෙස්ටර් හිදී තරගය පැවැත්වීමට නියමිතයි.

ඉන්දීය කණ්ඩායම තරගාවලියේ සහභාගී වන 06 වන තරගය මෙය වන අතර සහභාගී වූ තරග 05න් 04ක් ජයගැනීම හේතුවෙන් ඔවුන් ප්‍රසාද ලකුණු 09ක් හිමිකරගෙන ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවෙයි

ඉන්දීය කණ්ඩායම සහභාගී වූ එක් තරගයක් වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණි.

ප්‍රසාද ලකුණු  03ක් හිමිකරගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු සටහනේ හිමිව ඇත්තේ 08 වන ස්ථානයයි.

කොදෙව්වන් තරග 06කට සහභාගී වී ඉන් එක් තරගයක් පමණක් ජයගත් අතර තවත් තරගයක් වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණි.

Read more

Local News