යටියන්තොටදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළි 30ක් රෝහලට

Share

පැලැම්පිටිය සිට යටියන්තොට දක්වා ධාවනය වූ අවිස්සාවේල්ල ලංගම ඩිපෝවට අයත් බස් රථයක් අද උදෑසන 8.15 ට පමණ වී ඔය ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළි යාමෙන් එහි ගමන් ගත් මගීන් 30 දෙනෙක් තුවාල ලබා කරවනැල්ල මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි යටියන්තොට පොලීසිය පවසයි.

රෝහල් ආරංචි මාර්ග පවසන්නේ දැඩි සත්කාර ඒකකයේ මේ වන විට තුවාල කරුවන් 4 දෙනෙක් ප්‍රතිකාර ලබන බවයි . ඔවුන්ගේ තත්ත්වය බරපතළ  නොවන බවද පවසයි. තුවාල ලැබූවන් අතර පාසල් ශිෂ්‍යාවන් 4 දෙනෙක් ගුරුවරියක්ද වන බව පොලීසිය පවසයි.

මෙම මාර්ගය දැඩි වංගු හා බෑවුම් සහිත බැවින් පසුගිය කාලය පුරාවට මේ ප්‍රදේශයේ අනතුරු රැසක් සිදුවු බව ප්‍රදේශවාසීන් පවසති.

බස් රථයේ කාර්මික දෝෂයක් නිසා වේගය පාලනය කර ගත නොහැකිවීමෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලීසිය සැක පළ  කරයි.

Read more

Local News