මිනිසුන් කළ වැරදිවලට ස්වභාවධර්මය දඬුවම් දෙනවා

Share

මිනිසුන් විසින් සිදුකළ වැරදිවලට ස්වභාවධර්මය දඬුවම් ලබාදීම ආරම්භකර ඇති බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් පවසයි.

දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රෙදේශයේ ඊයේ(26) පැවති කොස් පැල දස දහසක් සිටුවීමේ වැඩසටහනකට එක්වෙමින් ආදිවාසී නායකයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආදිවාසී නායකයා මේ බව පැවසීය.

“අපේ රට විදේශ රටවල් පාලනය කරද්දි ,ඔවුන් බැලුවා මේ රට සශ්‍රීක වෙන්නේ කොහොමද කියලා .ඔවුන්ට ඕන විදියට. මේ රට විනාශ කලොත් තමයි එයාලට මේ රටට එන්න පුළුවන් වෙන්නේ කියලා තේරුම් ගත්තා.

එහෙම විනාශ කරගෙන විනාශ කරගෙන යනකොට අපේ රටේ මිනිස්සුන්ටත් මේ ආශාව, තණ්හාව, ඉරිසියාව, වෛරය, ක්‍රෝදය කියන එක එනවා. තරගය කියන එක එනවා.

ආශාවයි,තණ්හාවයි,තරගයයි එකට එකතු වුණාම මිනිස්සුන්ට රට ගැනත් අමතක වෙනවා.ජාතිය ගැනත් තේරෙන් නැතිව යනවා.මේ හැම දෙයක්ම වෙන්න ඇරලා අර තරගයත් එක්ක යනකොට පරිසරය  විනාශ වෙන්න පටන් ගන්නවා.කිසිම කාලයකවත් අපි අහලා නැහැ කුණු ගොඩකට යටවෙලා මිනිස්සු මැරෙනවා කියලා.

අද වෙනකොට මේ රටේ කුණු ගොඩකටත් මිනිස්සු යටවෙලා මැරිලා යනවා.කොතනද මේ වරද සිදුවෙලා තියෙන්නේ?මේ අය කරපු විනාශයට දැන් ස්වභාව ධර්මයෙන් දඬුවම් දෙන්න පටන් අරන්.මේ දඬුවමෙන් නම් කිසිම කෙනෙකුට බේරෙන්න අමාරු වෙයි.“

Read more

Local News