ඉදිරියේදි බාල බස්රථ ගෙන්වීම වළක්වන්න නව නීති

Share

මෙරටට බාල බස්රථ ගෙන්වීම වළක්වමින් ඉදිරියේදි නව නීති පනවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා ගෙන්වනු ලැබු අධි සුඛෝපභෝගි බස්රථ ඩිපෝ අතර බෙදාදීමේ උත්සවයට අද (27) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝව විසින් මිලදී ගත් අධි සුඛෝපභෝගි බස්රථ 9 ක් ඩිපෝ අතර බෙදාදීම අද පෙරවරුවේ සිදුකෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්ය.

Read more

Local News