නව ආගමන විගමන පාලක ජනරාල් වැඩ අරඹයි

Share

නව ආගමන හා විගමන පාලක ජනරාල් ලෙස පත්කළ පසන් රත්නායක මහතා සිය ධුරයේ අද (27) වැඩ ආරම්භ කළේය. 2017 වසරේ සිට අතිරේක ආගමන හා විගමන පාලක ජනරාල් ලෙස කටයුතු කළ පසන් රත්නායක මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වෙයි.

ඔහු මීට ප්‍රථම මධ්‍යම පළාත් සමූපාකාර සංවර්ධන කොමසාරිස්, මධ්‍යම පළාත් සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ, උඩුනුවර ප්‍රා දේශීය ලේකම් හා හාරිස්පත්තුව ප්‍රා දේශීය ලෙකම් යන තනතුරු දරා ඇත.

හිටපු ආගමන හා විගමන පාලක ජනරාල් නිහාල් රණසිංහ මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්වීමෙන් පසු එම ධුරයේ වැඩ බැලීමේ කාර්යයද සිදු කළේය.

සුහුරුපායේ පිහිටි ආගමන විගමන පාලක ජනරාල් කාර්යාලයේ ඔහු වැඩභාර ගැනීමේ අවස්ථාවට අමාත්‍ය වජිර අබේවර්ධන, රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

Read more

Local News