ඔස්මන් ගුණසේකර අත්අඩංගුවට

Share

ජීව උණ්ඩ 46ක් ළඟ තබා ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ වරෙන්තු නිකුත් ව සිටි ඔස්මන් ගුණසේකර හා ඔහුගේ බිරිඳ කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට පත්ව තිබේ.

සැකකරුවන් ඊයේ (26දා) ශ්‍රී ලංකාවට පැමිණීමේදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු 2018/02/04 දා කොටුගොඩ පදිංචි නිරෝෂන් බාලසූරිය නොහොත් පස් චමී යන අය වෙඩි තබා ඝාතනය කිරීමේ  සිදුවීම සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙක් බවද පොලීසිය පවසයි.

Read more

Local News