රිෂාඩ් අද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට

Share

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ගැන සොයා බැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (28) යළි රැස්වෙයි.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (28) දහවල් රැස්වීමට නියමිතයි.

අද දිනයේත් තේරීම් කාරක සභාව හමුවේ පළමු සාක්ෂිකරු ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කැඳවීමට නියමිතව ඇත.

හිටපු අමාත්‍යවරයා පසුගිය 26 වනදා කමිටුව හමුවේ සාක්ෂි ලබා දීමට නියමිතව තිබුණ ද කමිටුවේ සාමාජිකයින් තිදෙනෙකු එම අවස්ථාවේ නොසිටීම නිසා ඔහු අද දින කැඳවීමට තීරණය කෙරුණි.

Read more

Local News