ලෝකයේ වැඩියෙන්ම ආහාර ඉවතදමන රට සවුදි අරාබියාව

Share

ලෝකයේ වැඩියෙන්ම ආහාර ඉවතදමන රට බවට සවුදි අරාබියාව පත්ව ඇති බව වාර්තා වේ. දිනකට සවුදි රියාල් මිලියන 70ක පමණ වටිනාකමින් යුත් ආහාර ටොන් 427ක් ඉවත දැමීම සිදු කෙරෙන බවට ගණන් බලා ඇත. මෙම ප්‍රමාණය ආහාර වේල් මිලියන 8ක් පමණ වේ. මේ අන්දමින් විනාශකර දමන ආහාර ප්‍රමාණය සවුදි අරාබියාවේ රියාද් නුවර ජනතාවට ප්‍රමාණවත් වන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබේ

මේ අතර සවුදි අරාබියාවේ කම්කරු හා සමාජ සංවර්ධන අමාත්‍යාංශය ආහාර වේල් මිලියන 20ක් දිනකට ඉවත දැමීම වළක්වාලීමට සැලසුම්කර තිබේ. එය පුද්ගලයින් 30,000කගේ පමණ පරිභෝජන අවශ්‍යතාවක් ලෙස ද ගණන් බලා ඇතැයි සදහන් ය.

කැනඩාව, අමෙරිකාව, බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව වැනි රටවල් ද දිනකට විශාල ආහාර ප්‍රමාණයක් අපතේ යවන බවට ගණන් බලා ඇත.

Read more

Local News