ගිරිඋල්ලේ දී යතුරුපැදියක ගැටී කතක් මරුට

Share

නාරම්මල, ගිරිඋල්ල ප්‍රදේශයේ දී යතුරුපැදියක ගැටීමෙන් කාන්තාවක් මිය ගොස් ඇත.

නාරම්මල දෙස සිට ගිරිඋල්ල දෙසට ධාවනය වු යතුරු පැදියක් මාර්ගය හරහා ගමන්ගත් කාන්තාවගේ ගැටී මෙම අනතුර සිදුව තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ ගොරොක්ගහලන්ද අඹේපුස්ස ලිපිනයේ පදිංචි වයස අවුරුදු 57ක් වු අයෙකි.

අනතුරට සම්බන්ධ යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර නාරම්මල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News