දේශීය දේවල් කාලා අපිට තියෙන්නේ පුදුමාකාර හයියක්

Share

දේශීය දේවල් කාලා අපට ඇඟට එන ශක්තිය කියල නිම කළ නොහැකි බවත් අපි පුදුමාකාර හයිය තියෙන ජාතියක් බව ඔලිම්පික් පදක්කම් ලාභි සුසන්තිකා ජයසිංහ මහත්මිය  පවසයි.

ඇය මේ බව පවසා සිටියේ පුත්තලම කරුවලගස්වැව  සාලිය ආදර්ශ මහා විද්‍යාලයට වසර 40ක් පිරීම නිමිත්තෙන් පැවැති සැමරුම් උත්සවයකට පසුගියදා සහභාගි වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වමින් ඇය මෙලෙස පැවසීය,

අපි අඩුපාඩු ගොඩක් මැද ලෝකය දිනලා පෙන්නල තිබෙනවා.පොදු රාජ්‍ය තරග දිනලා පෙන්නලා තියෙනවා. ඒ දිනපු උදවිය උනත් අද කොයි තරම් දුරට ක්‍රීඩාව වෙනුවෙන් සේවය කරනව ද?ප්‍රයෝජනයක් ගන්නව ද? පරණ ක්‍රීඩා කරපු දක්ෂ නිලධාරීන් ඉන්නවා. ඒ දක්ෂ නිලධාරීන්ව සුදුසු වටිනාකම් දුන්නොත් තමයි හිතෙන්නේ තව ටිකක් බැහැල වැඩ කරන්න.යැයි ඔලිම්පික් පදක්කම්ලාභි ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශිකා සුසන්තිකා ජයසිංහ මහත්මිය පැවසුවා ය.

මෙම විවෘත කිරීම හා මුල්ගල තැබීම සදහා  ඔලිම්පික් පදක්කම්ලාභි ශ්‍රියාණි කුලවංශ මහත්මිය සමඟ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර,ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධම්මික නාමල් මුතුගල මහතා සහ කරුවලගස්වැව  ප්‍රාදේශීය ලේකම් ජනක තුෂාර බාලසූරිය විදුහල්පති එස්.එල්.ප්‍රියන්ත යන මහත්වරුන් එක්ව තිබුනී.

Read more

Local News