විදේශයෙන් මෙරටට ආනයනය කරන ආහාරවල විස

Share

මෙරටදී තහනම් කරන ලද කෘමි නාශක භාවිත කරමින් සෑදු මිරිස් විදෙස් රටවලින් මෙරටට ආනයනය කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.

අද (28) පැවති මාධ්‍ය හමුවකදී සිය අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙරටදී කෙතරම් තහනම් කළ ද විදෙස් රටවලින් මෙරටට ආනයනය කරන ආහාරවල විස ද්‍රව්‍ය අඩංගු කර ඇති බවයි.

රටේ ජනතාව ආහාරයට ගන්නේ විස අඩංගු ආහාර බවත් රටේ ජනතාවට අවශ්‍ය ආහාර රට තුළම වගා කර ගැනීමේ කඩිනම් වැඩපිළිවෙලක් සැලසුම් කර තිබු නමුත් එය සිදු කිරීමට නොහාකි වු බව මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

Read more

Local News