පියංකර ජයරත්නට එරෙහි නඩුවේ මුලික විරෝධතා ඉදිරිපත් කරන්න දින දෙයි

Share

අල්ලස් කොමිසම විසින් හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පියංකර ජයරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව ගොනු කර තිබෙන නඩුවකට අදාළ මූලික විරෝධතා ජුලි මස 12 වනදා ඉදිරිපත් කරන මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම නඩුව අද(28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබුවේය.

එහිදී පියංකර ජයරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ මෙම චෝදනාවලට එරෙහිව තමන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි.

ඒ අනුව අදාළ මූලික විරෝධතා ඉදිරිපත් කිරීම ජුලි මස 12 වනදා සිදුකරන මෙන් ද මහේස්ත්‍රාත්වරිය විත්තියේ නීතිඥවරයාට නියම කළේය.

ඉකුත් රජය සමයේ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ සිය පෞද්ගලික ලේකම්වරයා වන බාලමානගේ දයාවංශ නැමැත්තා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සම්බන්ධීකරණ නිලධාරීයා ලෙස පත් කරන මෙන් එම අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයට බල කිරීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී පියංකර ජයරත්න සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ බාල මානගේ දයාවංශ යන අයට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.

Read more

Local News