මරණීය දණ්ඩනය වළක්වන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක්

Share

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා සහ වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා වෙත නිකුත් කරන මෙන් ඉල්ලා අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

මලින්ද සෙනෙවිරත්න නැමැත්තෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර එහි වගඋත්තරකරුවන් ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා, වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා සහ නීතිපතිවරයා නම් කර තිබේ.

පෙත්සම්කරු කියා සිටින්නේ මරණීය දණ්ඩනය ලබා සිටින පුද්ගලයින් 4 දෙනෙකුට ඔවුන්ගේ දඬුවම් ක්‍රියාත්මක කිරීම සඳහා තමා අත්සන් කර ඇති බවට ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කර ඇති බවයි.

මෙම තීරණය තුළින් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වුවත් ඒ තුළින් දැඩි මානව හිමිකම් උල්ලංඝනය වීමක් සිදුවීමට ඉඩකඩ තිබෙන බවයි පෙත්සම්කරු පෙන්වා දෙයි.

එම නිසා එම දඬුවම ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා වෙත නිකුත් කරන මෙන් ඔහු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Read more

Local News