ආයුධයකින් පහර දී සමෘද්ධි නිලධාරීයෙක් ඝාතනය කරයි

Share

මතුගම, හැල ප්‍රදේශයේදී අද(28) අළුයම සමෘද්ධි සංවර්ධන නිලධාරීයෙක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බවට වාර්තා වෙයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ මනෝජ් ජයතිලක නැමති 44 හැවිරිදි දෙදරු පියෙක්.

ඔහු අගලවත්ත ප්‍රාදේශිය ලේකම් කර්යාලයේ සේවය කරන සමෘද්ධි සංවර්ධන නිලධාරීයෙකි.

මිය ගිය පුද්ගලයා නිදන කාමරය තුළ නිදා සිටින අවස්ථාවේදී එහි ජනේලයට පහරදී කාමරය තුළට අත්අබෝම්බයක් දමා ගොස් තිබේ.

පසුව මෙය කවුරුන් විසින් සිදුකළේද යන්න සොයා බැලීම සඳහා මිය ගිය පුද්ගලයා නිවසෙහි මිදුල වෙත පැමිණි අවස්ථාවේදී මෙලෙස තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙන බවටයි පොලීසිය පැවසුවේ.

Read more

Local News