නිධානයක් ගන්න ගිය 2ක් අත්අඩංගුවට

Share

නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් කිරිවන්එළිය ටැප්ලෝගම ප්‍රදේශයේ ගල් පර්වතයක් කඩා නිධානයක් ගැනිමට උත්සහ කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු සැකපිට ඊයේ(28) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.

ගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ රාත්‍රි එම ගල් පර්වතය පුපුරුවා හැර නිධානයක් ගොඩ ගැනිමට උත්සහ දරන බවට ප්‍රදේශවාසින් ලබා දුන් තොරතුරක් මත පොලිසිය විසින් එම ස්ථානයට ගොස් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්තාවේ නිධානය ගොඩ ගැනිමට උපයෝගි කරගත් උපකරණ රැසක් සහ පුජා භාණ්ඩ කිහිපයක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද(29) ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News