හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Share

හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයෙකු බදුල්ල හාලිඇල, උඩුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

බදුල්ල දිසා විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදුකරන ලද වැටලීමකදී අදාල හෙරොයින් තොගය සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සතුව තිබී හෙරොයින් ගෑම් 15යි මිලිග්‍රෑම් 190ක් පොලිස් බාරයට ගෙන ඇත.

සැකකරු 25 හැවිරිදි අංපිටිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙයි.

සැකකරු අද(29) බදුල්ල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News