අනුරාධපුර සිදුවූ රිය අනතුරකින් කතන් තිදෙනෙකු මරුට

Share

අනුරාධපුර – තඹුත්තේගම මාර්ගයේ තලාව මොරගොඩ සුනාමි හංදිය ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් තිදෙනෙකු මියගොස් ඇත.

අද (30) අලුයම 4.30ට පමණ මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සදහන් කළේය.

ලොරි රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සදහන් කළේය.

අනතුරෙන් වෑන් රථයේ ගමන්ගත් කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් හය දෙනෙකු අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කාන්තාවන් තිදෙනා මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ ගල්නෑව ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවන් තිදෙනෙක්.

අනතුරෙන් ලොරි රථයේ රියදුරු සහ රිය සහයකයින් දෙදෙනා ද තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ.

තලාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

Read more

Local News