කොස්තාපල්වරයෙකුට පහර දුන් නාරම්මල ප්‍රාදේශීය සභා උප සභාපති රිමාන්ඩ්

Share

පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නාරම්මල ප්‍රාදේශීය සභාවේ උප සභාපති මංජුල පොල්ගම්පොල මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ උප සභාපතිවරයා ලබන 03 වන දින දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බව වාර්තා වේ.

ඊයේ (29) රාත්‍රී නාරම්මල පොලිස් ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට තර්ජනය කොට පහරදීමේ චෝදනාවට මංජුල පොල්ගම්පොල මහතා අත්අඩංගුවට ගෙන තිබුණි.

එහිදි පහරකෑමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සදහන් කළේය.

Read more

Local News