ඉදිරි ජනාධිපතිවරයාත්-අගමැතිවරයාත් පොහොට්ටුවෙන්

Share

ඉදිරියේදී තේරී පත්වන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා නියත වශයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන්නෙක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

උඩුගම්පොල ප්‍රෙද්ශයේදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතා සුදුසු බවත් ඒ සඳහා ඔහුට ඉතා හොඳ පවුල් පසුබිමක් සහිත වන බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.

එසේම ගෝඨාභය රාජපක්ෂ මහතාට එල්ල වී ඇති චෝදනාවලට ඔහු චූදිතයෙක් පමණක් බවත් යහපාලන ආණ්ඩුව පැමිණි දා සිට කළ දේශපාලන පළිගැනීම්වල චෝදනා අවුරුදු හතර හමාරක් ගියද ඔප්පු කළ නොහැකිව ඇති බවත් ඒ මහතා කියා සිටියි.

කුමන අපේක්ෂකයෙක් ඉදිරිපත් කළද නිසැකවම ඉදිරියේදී පත්වන අගමැතිවරයා හා ජනාධිපතිවරයා යන දෙදෙනාම පොදු ජන පෙරමුණේ වන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

Read more

Local News