රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම සහ දීමනා ඉහළ නැංවීම හෙට සිට

Share

2019 අයවැය මගින් යෝජිත රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම ඇතුළු වැටුප් සහ දීමනා ඉහළ නැංවීම හෙට (01) සිට ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

මේ යටතේ රුපියල් ලක්ෂ11ක් පමණ වන රාජ්‍ය සේවයකන්ට රුපියල් 2,500ක අන්තර් කාලීන දීමනාවක් හිමි වන බව එම අමාත්‍යාංශය සදහන් කළේය.

එමෙන්ම ආරක්ෂක අංශ දීමනා ඉහළ නැංවීම, විශ්‍රාම වැටුප් විශමතා ඉවත් කිරීම සහ විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන්ගේ දීමනා ඉහළ නැංවීම සිදුකිරීමට නියමිතයි.

මේ සදහා රජය වෙන් කර ඇති සමස්ත මුදල රුපියල් මිලියන 40,000කට ආසන්න බව නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය සදහන් කළේය.

මෙම අන්තර් දීමනාව ක්‍රියාත්මක වුවද මෙතෙක් රාජ්‍ය සේවකයන් වෙනුවෙන් ලබාදුන් රුපියල් 7,800 ජීවන වියදම් දීමනාව එලෙසම තවදුරටත් ක්‍රියාත්මක වන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වුණේය.

Read more

Local News