ඇසළ පෙරහැරට හීලෑ අලි ඇතුන් හිඟයක්

Share

හීලෑ අලි ඇතුන්ගේ හිඟය හේතුවෙන් ඇසළ පෙරහැර සදහා අලි ඇතුන් සහභාගී කරවීම ගැටලුවක් වී ඇති බව හීලෑ අලි ඇතුන් හිමියන්ගේ සංගමය පවසයි.

එහි ලේකම් ධම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා සදහන් කළේ ශ්‍රී ලංකාවේ දැනට සිටින හීලෑ අලි ඇතුන් සංඛ්‍යාව 106ක් දක්වා අඩු වී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ධම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා සදහන් කළේ නඩු භාණ්ඩ වශයෙන් අලි ඇතුන් 37 දෙනෙකු මේ වන විට දිවයිනේ ස්ථාන දෙකක රඳවා තැබීම මෙම ගැටලුවට හේතු වී ඇති බවයි.

Read more

Local News