ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පවත්වන්නැයි ජනතාවගෙන් පෙත්සමක්

Share

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය මේ වන තෙක් පවත්වා නොතිබීම හේතුවෙන් ඊට එරෙහි ජනතා පෙත්සමක් අත්සන් කිරීම අද ඇල්පිටිය නගරයේදී සිදු විය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේ කැඳවා තිබුණද ස්වාධීන කණ්ඩායමක මැදිහත් වීම හේතුවෙන් එය ප්‍රතික්ශේප වී ඇත.

මේ පිළිබඳව ශ්‍රේෂ්ඨධිකරණය හමුවේ ගොනුකළ නඩුව විභාග කර අවසන් වුවද තවමත් ඒ පිළිබඳ තීන්දුව ලබා දී නොමැති අතර තීන්දුව ලබා දෙන ලෙසට අගවිනිසුරුවරයාට බල කරමින් මෙම මහජන පෙත්සම ඉදිරිපත් කිරීමට නියමිතය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරු පිරිසක් විසින් මෙය සංවිධානය කර ඇති අතර ඒ සඳහා ඇල්පිටිය නගරයට විශාල පිරිසක් එක් රොක් වී සිටි බව වාර්තා වෙයි..

එම මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර ඇත්තේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව මේ වන විටත් ලේකම්වරිය යටතේ පවතින අතර මේ හේතුවෙන් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවෙන් ඉටු විය යුතු විශාල රාජකාරී ප්‍රමාණයක් පැහැරහැර ඇති බවයි.

Read more

Local News