පොලීසියේ පහරින් පාදයට හානි වු අයෙක් ගිනිගත්හේන රෝහලට

Share

ගිනිගත්හේන පොලීසිය තුලදී පහරකෑමකට ලක්ව පාදයට හානි වූ පුද්ගලයෙකු අද (30) දහවල් ගිනිගත්හේන රජයේ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇත.

ඔහු මුලික ප්‍රතිකාර වලින් පසු නාවලපිටිය රජයේ මුලික රෝහල වෙත මාරු කර යැවීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ ගිනිගත්හේන‍ රංජුරාව ප්‍රදේශයේ පදිංචිකරුවකු වු චින්තක ඩිලාන් සෙනවිරත්න නමැති වයස අවුරුදු 28ක දෙදරු පියෙකි.

ඔහු අද දහවල් 11.30 ට පමණ සිය සහෝදරිය හා ඇය පදිංචි ප්‍රදේශයේ තැනැත්තියක් සමඟ මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලීසියට කරන ලද පැමිණිල්ලක් විභාග කරන අවස්ථාවට සම්බන්ධ වී ඇති බව වාර්තා වෙයි.

එම අවස්ථාවේදී පහරකෑමට ලක්වු පුද්ගලයා හා පොලිස් නිලධාරීන් අතර ඇතිවු මත ගැටුමකින් පසු තමාට පහර දී පියගැටපෙළ පහළට තල්ලු කළ බව ප්‍රකාශ කර ඇත.

මේ සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් කළ විමසිමකදී ප්‍රකාශ කර ඇත්තේ පැමිණිල්ලක් විභාග කරන අවස්ථාවට එම පුද්ගලයාද පැමිණ සිටි බවත් ඔහු ඒ ස්ථානයට අනවශ්‍යය බැවින් ඉවත් කිරීමට පියවර ගත් බවත් පහර දීමක් හෝ එවන් සිද්ධියක් නොවු බවත්ය.

Read more

Local News