බදුල්ල, අලුගොල්ල කඳු රක්ෂිතයේ ගින්නක්

Share

බදුල්ල නගරයට ඉහළින් ​පිහිටි අලුගොල්ල කඳු රක්ෂිතයේ ඇතිවූ ගින්නකින් විශාල අක්කර ප්‍රමාණයක් විනාශ වී ඇති බවට වාර්තා වෙයි.

ඊයේ(30) රාත්‍රීයේ ඇතිවූ මෙම ගින්න තවමත් රක්ෂිතය පුරා පැතිරයමින් පවතින බවට ද වාර්තා වෙයි.

බදුල්ල මහ නගර සභාවේ ගිනිනිවන ඒකකය, යුද හමුදාව සහ පොලිසිය ගින්න නිවිමට දැඩි වෙසෙක් ගත්ත ද වියලි කාලගුණය හේතුවෙන් ගින්න සීග්‍රයෙන් පැතිර ගොස් තිබේ.

මෙම රක්ෂිතයේ වටිනා ගස් රැසක් තිබූ බව ප්‍රදේශයේ ජනතාව ප්‍රකාශ කර සිටින අතර ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් රැසක් ජීවත් වූ සංවේදී පරිසර පද්දතියක් බව ද පරිසරවේදීන් පැවසීය.

Read more

Local News