විදෙස් ගිනි අවියක් සමඟ සැකකරුවන් තුනක් අත්අඩංගුවට

Share

ඊයේ(30) සවස 2.00ට පමණ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ජෝර්ජ් පෙරේරා මාවතට හැරෙන හංදියේ දී සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර තිබේ.

එහිදී විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝල අවියක් සමඟ සැකකරුවෙකු හා එම වරදට සැකපිට තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සංවිධානාත්මක අපරාධ නිවරණ කොට්ඨාසය විසින් කටයුතු කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 21,31, හා 42 ක් වු ගොකරැල්ල, ඉබ්බාගමුව කොළඹ 14 යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි.

සැකකරුවන් අද(01) දින අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යනු ලබයි.

Read more

Local News