ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් දින මහා සමුළුව අද

Share

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් දින මහා සමුළුව අද(01) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

මතින් නිදහස් රටක් ගොඩනැගීම සඳහා ජනාධිපතිවරයගේ මඟ පෙන්වීමෙන් පසුගිය 23 වනදා ආරම්භ කළ මෙම ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් දිනය අද වෙයි.

ජුනි 26 වන දිනට යෙදුණු මත්ද්‍රව්‍ය භාවිතය හා නීති විරෝධි ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනයට සමගාමීව ජනාධිපතිවරයාගේ මඟ පෙන්වීමෙන් පාසල් දරුවන් විශ්වවිද්‍යාල සහ වෘත්තිය අධ්‍යාපනය ලබන සිසුන් මෙන්ම පොදු ජනතාව ඉලක්ක කර ගනිමින් මෙම මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ක්‍රියාවට නංවා තිබුණි.

පාගමන්, දැනුවත් කිරීමේ වැඩසටහන්, සම්මන්ත්‍රණ, දේශණ, චිත්‍ර සහ පෝස්ටර් තරඟ ඇතුළු වැඩසටහන් රැසක් මෙහිදී ක්‍රියාවට නැංවුණු අතර ඊට ඉහළ ජනතා සහභාගීත්වයක් දක්නට ලැබුණු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන්කළේය.

මේ අතර අද පෙරවරුවේ කොළඹ සුගතදාස ක්‍රිඩාංගනයේ පැවැත්වෙන මහ සමුළුවේදී  මත්ද්‍රව්‍ය භාවිතයේ ව්‍යාප්තිය පිළිබඳ සිදුකල සමීක්ෂණයේ වාර්තාවක් ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමට නියමිතයි.

Read more

Local News