ඉන්දියාවේ පරාජයත් සමඟ ලංකාව ලෝක කුසලාන තරඟාවලියෙන් ඉවතට

Share

එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණඩායම අතර ඊයේ(30) පැවති තරඟයෙන් එංගලන්තය ලකුණු 31ක ජයග‍්‍රහණයක් හිමි කර ගැනීමට සමත් විය.

ඒ අනුව ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට ශ‍්‍රී ලංකාවට ඇති අවස්ථාව අහිමි වී ගොස් තිබේ.

පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම කඩුලූ 07ක් දැවී ලකුණු 337ක් රැස්කර ගත්තේය.

පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ ඉන්දියාව නියමිත පන්දුවාර 50දී කඩුලූ 05ක් දැවී රැස්කර ගත්තේ ලකුණු 306ක් පමණයි.

මේ අතර මෙවර ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහභාගී වන 08වන තරඟය අද(01) පැවැත්වේ. ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවයි.

Read more

Local News