පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව ගැන විශ්වාස නැ – දයාසිරි

Share

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව පිළිබඳව විශ්වාසයක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

පොල්ගහවෙල පැවති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

මන්ත්‍රීවරයා පැවසුවේ තේරීම්කාරක සභාව පිළිබඳව පාර්ලිමේන්තුවේදි මන්ත්‍රීවරුන් එකඟ වු කරුණු කාරනාවලට පිටින්  ප්‍රශ්න කිරිම් සඳහා ඕනෑම පුද්ගලයෙකු කැදවීමට කටයුතු කර ඇති බවයි.

එක් එක් පුද්ගලයන්ට චෝදනා නොකර නිලධාරින්ට යම්කිසි තීරණයක් ගැනීමට නොහැකි වී ඇත්තේ කුමන හේතුවන් නිසාද යන්න බව සොයා බලා කටයුතු කළ යුතු බවද මන්ත්‍රීවරයා එහිදි පැවසීය.

වගකීමකින් කටයුතු කරන කිසිදු පුද්ගලයෙකු මෙලෙස ක්‍රියා නොකරන බවද මන්ත්‍රීවරයා එම අවස්ථාවේදි වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Read more

Local News